යුක්‍රේනයට, රුසියානු හමුදාවෙන් දැඩි ප්‍රහාර...

මැයි 28, 2022

    රුසියානු හමුදාව යුක්‍රේනයේ ඩොන්බාස් හා ලුහාන්ස් නගර ආසන්නයේ පිහිටි නගරවලට දැඩි ප්‍රහාර එල්ලකරමින් සිිටින බව වාර්තා වනවා.

    එහි ඉලක්කය වී ඇත්තේ, යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කාලපය අත්පත් කර ගැනීමයි. යුක්‍රේනයේ නැගෙනහිර සෙවරොවොනෙට්ස්ක් නගරයට එල්ල වන රුසියානු හමුදා ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදාව පසුබසිමින් සිටින බවයි වාර්තා වන්නේ. රුසියානු හමුදාවේ ඉදිරි ගමන වැළැක්වීම සඳහා යුක්‍රේනය අමෙරිකාවෙන් දිගු දුර ප්‍රහාරක අවි ඉල්ලා තිබෙනවා. එහෙත්, ඊට තවමත් ප්‍රතිචාර ලැබී නැහැ. යුක්‍රේනයට, දිගු දුර ප්‍රහාර එල්ල කළ හැකි රොකට් පද්ධතියක අවශ්‍යතාව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද පෙන්වා දී තිබෙනවා. බටහිර රටවල් යුක්‍රේනයට සහය විය යුතු බවයි ඔහු පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 28 මැයි 2022 11:55

    Latest News