ටොනේඩෝ සුළි කුණාටුවෙන් 23 දෙනෙකු මරුට

මාර් 04, 2019

    අමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයේ හටගත් ටොනේඩෝ සුළි කුණාටුවලින් 23 දෙනෙකු මරුමුවට පත්වූහ.

    සුන්බුන්වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. බරපතල තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල් ගත කෙරිණ. අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි. විදුලි පද්ධතිය ද විසන්ධි වූ බව වාර්තාවේ.

    4000ක පමණ පිරිසකගේ දෛනික ජිවිතයට ඉන් බලපෑම් එල්ල වී තිබේ. ලීකවුන්ඩ් ප්‍රදේශයේ පාසල් හා රජයේ කාර්යාල පවත්වාගෙන යාමට ද බාධා එල්ල වී ඇත. ඇතැම්, කුණාටුවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 266ක් ලෙස සඳහන්ව තිබිණි. ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ද ටොනේඩෝ සුළි කුණාටු වාර්තා වී තිබේ.

    Latest News