බන්ධනාගාර ගැටුුමෙන් 68 ක් මරුට...

නොවැ 14, 2021

    ඉක්වදෝරයේ බන්ධනාගාරයක සිදු වූ ගැටුමක් අතරතුර, රැඳවියන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    බන්ධනාගාර ගත කර සිටින අපරාධ කල්ලි දෙකක් අතර සිදුවූ ගැටමක් මීට හේතුවයි. සැප්තැම්බර් මාසයේදී මෙසේ ප්‍රතිවාදී කල්ලි අතර ඇතිව වූ ගැටුම්වලින් රැඳවියන් 100 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම වසරේදී සිදු වූ සියලු ගැටම්වලින් 300 කට අධික රැඳවියන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    සැප්තැම්බර් මාසයේදී ඇති වූ මෙම ගැටුම ඉක්වදෝරයේ බන්ධනාගාර ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ගැටම්කාරී තත්වය බවයි, ආරක්ෂක අංශ පවසන්නේ.

    Last modified on ඉරිදා, 14 නොවැම්බර් 2021 15:43

    Latest News