කොවිඩ්වලට ප්‍රතිශක්තීකරණය ඇති අය මුල්කරගෙන නව එන්නතක්

නොවැ 12, 2021

    කොරෝනා වෛරසයට ස්වභාවික ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් නව එන්නතක් නිපදවීම කෙරෙහි පර්යේෂකයින්ගේ අවධානය යොමු වී තිබේ.

    වෛරසයට සෘජුව නිරාවරණය වූ බවට තහවුරු වූ එහෙත් වෛරසය ආසාදනය නොවූ පුද්ගලයින් යොදා ගෙන එම පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.

    විද්‍යාඥයින් පවසන්නේ, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමටත් පෙර සිටම ඊට මුහුණදීම සඳහා ඉහළ ප්‍රතිශක්තීකරණ හැකියාවක් එම පුද්ගලයින් සතුවන බවයි.

    සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වූ පුද්ගලයින් දහයෙන් එකකට පමණ මෙලෙස ඉහළ ප්‍රතිශක්තිකරණයක් පැවතිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 12 නොවැම්බර් 2021 12:10

    Latest News