නවදිල්ලි නගරය ආශ්‍රිතව හදිසි තත්වයක්....(වීඩියෝ)

නොවැ 13, 2021
  • වායු දූෂණය ඉහළයාම හේතුවෙන් නවදිල්ලි නගරය ආශ්‍රිතව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    එහි වායු දූෂණය අනතුරුදායක මට්ටමකට පත්ව තිබීම ඊට හේතුවයි. නවදිල්ලි නුවර මේ වනවිට ඝන දුමාරයකින් වැසී තිබෙනවා. කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන විෂ දුමාරය හා ගල් අඟුරු දහනය නිසා වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි සඳහන්. මෙය මිනිස් සිරුරට අහිතකර ලෙස බලපා ඇති අතර, විවිධ ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට දැඩි ලෙස බලපානු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවනවා.

    උෂ්ණත්වය පහත බැසීම, සුළඟේ වේගය අඩුවීම, විෂ වායුව රැඳී පැවතීමට හේතුවයි. ඉදිරි පැය 43 ඇතුළත මෙම වායු දූෂණ ගැටලුවට පිළියම් යෙදීමට ඉන්දීය බලධාරීන් උත්සාහයක නිරත වනවා. චීනයට පසු වායු දූෂණය වැඩිම රට ඉන්දියාවයි.

    Last modified on සෙනසුරාදා, 13 නොවැම්බර් 2021 13:06

    Latest News