රුමේනියාවේ අඟුළු දැමීමට විරෝධය

ඔක් 03, 2021

    රුමේනියාවේ කොවිඩ්-19 රෝග පාලනය සඳහා පනවා ඇති අඟුළු දැමීමේ සීමාවන්ට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් දහස් ගණනක් එරට අගනුවර පෙළපාලි සංවිධාන කර තිබිණ.

    එරට රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 12,590 දෙනෙකු වාර්තා වී ඇති අතර එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 184ක්.

    එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12ස් ලක්‍ෂයකට අධිකයි. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 37,000 ඉක්මවා තිබේ.

    Latest News