එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෝලීය සහාය පතයි

දෙසැ 20, 2020

    නව කොරොනා වසංගතයට මුහුණදීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ගෝලීය සහාය පතයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් පසු, නව කොරොනා වසංගතයට සමාන අභියෝගයකට කිසි විටෙකත් මුහුණ දී නොමැති බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදය ලෝකය අත්විඳින බවත් Antonio Guterres මහතා පැවසීය.

    වසංගතය අතරතුර, ලෝකයේ බොහෝ රටවල් හුදකලා කිරීමේ ප්‍රවණතාවක පැවතිණ.

    වසංගතය මඟහරවා ගත හැක්කේ ගෝලීය සහයෝගීතාවයෙන් පමණක් බව ද හෙතෙම අවධාරණය කළේය.

    එන්නත් ලබාදීම පොදු ගෝලීය මහජන යහපතක් බවට පත්විය යුතු බවත්, එය පහසුවෙන් ලබාගැනීමට හැකිවීම මෙන්ම සැමට දැරිය හැකි මිළකින් විය යුතු බවත් Antonio Guterres මහතා පැවසීය.

    Latest News