රුසියාව අමෙරිකානු කොන්සල් කාර්යාල දෙකක සේවා නතර කරයි

දෙසැ 20, 2020

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාවේ Vladivostok හි කොන්සල් ජනරාල් කාර්යාලය වසා දැමීමටත් Ekaterinburg හි කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු අත්හිටුවීමටත් පියවර ගනී.

    2017 න් පසු අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට රුසියාව පනවා ඇති සීමාවන් සහ දෙපාර්ශවයේම රාජ්‍ය තාන්ත්‍රික වීසා බලපත්‍ර බාධාවන් හේතුවෙන් මතුව ඇති පිරිස් හිඟය එම තීරණයට බලපා ඇත.

    කොන්සල් කාර්යාල දෙකේ සේවය කරන අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනා රුසියාවේ අමෙරිකානු තානාපති කාර්යාලයට අනියුක්ත කෙරේ.

    Latest News