කොරියානු අර්ධද්වීපයට සාමයේ කුරුල්ලා පියඹන්න සූදානම්

ඔක් 23, 2018

    උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරෙන දේශ සීමාවේ පිහිටි පැන්මුන්ජොම් සාම ගම්මානයේ අවි සහ මුර කපොලු ඉවත් කිරීමට දෙරටේ බලධාරීන් එකඟ වී ඇත.

    දේශසීමාවේදී දෙරටේ හමුදා එකිනෙකා මුණගැසෙන එකම ස්ථානය වන්නේ ද මෙම සාම ගම්මානයයි.

    අනෙක් ස්ථානවල දෙපාර්ශවයටම දැඩි රැකවල් යොදා ඇති අතර ලක්ෂ 08 වැඩි බිම් බොම්බ තොගයක් මෙම දේශසීමාවේ වළලා ඇතැයි වාර්තා වෙයි.

    මේ මස මුල් සතියේදී එවා ඉවත් කිරීම ආරම්භ කෙරුණු අතර උතුරු සහ දකුණු කොරියානු ජනාධිපතිවරුන් අතර පසුගිය මාසයේ පැවැත්වුණු සාකච්ඡාවලට ප්‍රථිඵලයක් ලෙස මෙම පියවර ගැණුනි.

    Latest News