ජාන විකෘති කරන ලද මදුරුවන් කෝටි 75ක් පරිසරයට

අගෝ 21, 2020

    අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තය ජාන විකෘති කරන ලද මදුරුවන් කෝටි 75ක් පරිසරයට මුදා හැරීමට සූදානම් වේ.

    මදුරු ගහනය පාලනය කිරීම මෙහි අරමුණයි. ඩෙංගු, මැලේරියා වැනි වෛරස් පතුරුවන මදුරුවන්ගේ ගහනය පාලනය කරගැනීම සඳහා ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. පිරිමි මදුරුවන් වන එම සතුන් පරිසරයේ සිටින ගැහැණු මදුරුවන් සමඟ එක්වේ. ඉන් අනතුරුව, ගැහැණු මදුරුවා මියයන ආකාරයට ප්‍රොටීනයක් නිදහස් කිරීමට මෙම පිරිමි මදුරුවන් ක්‍රියා කරයි.

    කෙසේ වෙතත්, මෙමගින් විශාල බලපෑමක් වනු ඇතැයි, ඇතැමුන් පවසයි. මෙමගින් මදුරු විරෝධි ප්‍රතිකාරවලට හැඩ ගැසෙන ආකාරයේ මදුරුවන් ඇතිවීමේ අවදානමක් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

    Latest News