ලෙබනනයට එක්සත් ජාතීන්ගේ උපරිම සහාය

අගෝ 11, 2020

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සියළු ආකාර මගින්, ලෙබනනයට වර්තමාන දුෂ්කරතා ජය ගැනීමට අඛණ්ඩ ව සහාය දෙන බව එක්සත් ජාතින්ගේ මහ‍ ලේකම් Antonio Guterres මහතා පවසයි.

    ලෙබනනයේ බීරූට් වරායේ දැඩි පිපිරීමෙන් පසු තත්ත්වය, ඊයේ (10) එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල සහභාගීත්වයෙන් පැවැත්වූ මාර්ගගත සමුළුවේදී නිකුත් කෙරිණ.

    ලෙබනනයට සහාය දී ඇති සියලුම රටවලට Antonio Guterres මහතා එහිදී ස්තූති පළ කළේය.

    ජගත් ප්‍රජාව අඛණ්ඩව නොමසුරුව ආධාර කිරීමෙන්, ලෙබනනයේ පීඩාවට පත් සියලුම ජනතාවට සහාය වන ලෙසට ඔහු ආයාචනා කළේය.

    ලෝක ආහාර වැඩසටහ‍නේ විධායක අධ්‍යක්ෂ David Beasley මහතා පෙන්වා දුන්නේ, ලෙබනනයේ ආහාර වලින් 85% ක් පමණ බීරූ‍ට් වරායෙන් ආනයනය කළ යුතු බැවින්, මෙම වරායේ කටයුතු හැකි ඉක්මනින් නැවත ආරම්භ කළ යුතු බවයි.

    වර්තමානයේ ලෙබනනයට ප්‍රධාන වශයෙන් ලබාදී ඇත්තේ මානුෂීය ආධාර බව එක්සත් ජාතින්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහ ලේකම් Mark Lowcock මහතා පැවසීය.

    Latest News