තායිලන්තයේ බැංකොක් නුවර උද්ඝෝෂණ

ජූලි 19, 2020

    තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචාගේ රජය ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් විරෝධතාකරුවන් පිරිසක් බැංකොක් නුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුණා.

    බැංකොක් නගරයේ වීදිවල 2500 ක පමණ විරෝධතාකරුවන් පිරිසක් රැඳී සිටි බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ.

    2014 වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට ඇති වූ විශාලතම උද්ඝෝෂණය මෙය වනවා.

    වර්තමාන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව උද්ඝෝෂකයන්ගේ ප්‍රධානතම ඉල්ලීමක්.

    විරෝධතා පැවැත්වෙන ස්ථානවල පොලිස් භට කණ්ඩායම් රඳවා තිබුනද විරෝධතාකරුවන් සමග ගැටුමකට ඔවුන් යොමුවූයේ නැති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    Latest News