කොරෝනා ලැයිස්තුවේ 6 වැනි ස්ථානය ඉන්දියාවට

ජූනි 07, 2020

    වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ලැයිස්තුවේ 6 වන ස්ථානයට ඉන්දියාව පැමිණ තිබෙනවා.

    ඒ වෛරසය හේතුවෙන් යුරෝපා කලාපයේ වැඩිම බලපෑමට ලක් වූ ඉතාලිය ද පසුකරමින්.

    ගත වූ පැය 24 ට පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දසදහස් හාරසිය තිස්අටක්.

    මේ අතර මුම්බායි නගරයේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ඉතාමත් ආසන්න බව බලධාරීන් පවසනවා.

    දිල්ලි නගරයේ රෝහල්වල ඉඩකඩ ද සීමිත බවයි වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 20:26

    Latest News