සරල ජීවිතයකින් ජීවත්වන්න - ශුද්ධොත්තම පාප් වහන්සේ

දෙසැ 25, 2018

    නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මූලිකත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්විණ.

    82 හැවිරිදි අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙවර සහභාගි වූයේ සිය 6 වැනි නත්තල් දේව මෙහෙයටයි. ඊයේ මධ්‍යම රාත්‍රී පැවති නත්තල් දේව මෙහෙයට විශාල පිරිසක් එක්වූහ.

    අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දේව මෙහෙයට එක්වෙමින් කියා සිටියේ, යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත ජිවිතයට නව මාවතක් පෙන්වා දුන් බවයි. දුප්පත් හා පොහොසත් ලෙස ලෝකයේ බෙදී සිටීම හෙලා දකින බව, උන්වහන්සේ පැවසූහ. අවම සුඛ විහරණයකින් හා සරල ජිවිතයකින් ජීවත් වන ලෙස සංවර්ධිත රටවල ජනතාවගෙන් පාප් වහන්සේ ඉල්ලා සිටිති. 

    යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත දුප්පත් ගවලෙනක සිදුවීමෙන් ජිවිතයේ යථාර්ථය පිළිබිඹු වන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 25 දෙසැම්බර් 2018 12:08

    Latest News