මෙක්සිකෝ ආණ්ඩුකාරවරියක් ගුවන් අනතුරින් මරුට

දෙසැ 25, 2018

    මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය හෙළිකොප්ටර් අනතුරකින් ජිවිතක්‍ෂයට පත්වූවාය.

    මාර්තා රිකා ඇලෝන්සො එම ප්‍රාන්තයේ ප්‍රථම කාන්තා ආණ්ඩුකාරවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරයි. ඊයේ සිදුවූ මෙම අනතුරෙන් හිටපු සෙනෙට් සභිකයෙක් වන ඇයගේ ස්වාමි පුරුෂයා ද ජිවිතක්‍ෂයට පත්වී තිබේ.

    යානයේ නියමුවාගේ තත්වය පිළිබඳ මෙතෙක් වාර්තාවී නොමැත. හෙලිකොප්ටර් යානය ගුවන්ගත කර සුළු මොහොතකින් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්පාඤ්ඤයේ ජනාධිපතිවරයා මොවුන් දෙදෙනාගේ මරණය පිළිබඳ ශෝකය පළ කර ඇත.

    යානය අනතුරට ලක්වූ හේතු පිලිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වන බව, ජනාධිපතිවරයා පවසයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Last modified on අඟහරුවාදා, 25 දෙසැම්බර් 2018 11:58

    Latest News