අමෙරිකාවේ පැය 24ට මරණ 2,804ක්

අප්‍රේ 22, 2020

    කොරෝනා වෛරසයෙන් දැනට ප්‍රබල ලෙස තර්ජනයට ලක්ව ඇති අමෙරිකාව තුළ කොරෝනා රෝගීන් අට ලක්ෂය ඉක්මවා තිබේ.

    පුද්ගල මරණ වාර්තා වී ඇත්තේ, 45,318ක් ලෙසයි. වෛරසය පැතිරයන සියලු රටවලින් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මවා තිබේ. රෝගීන් ප්‍රමාණය අතරින් අමෙරිකාව තුළ ලොව වැඩිම රෝගීන් වාර්තා වෙයි. රෝගය ව්‍යාප්ත වීම උදෙසා කොරෝනා රෝගීන් සොයා ගැනීමේ පරීක්ෂණ වේගවත් කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    මේ වන විට අමෙරිකාව තුල රෝගයෙන් සුවය ලබා ඇති පිරිස 82,923ක්. ගතවූ පැය 24 තුළ මියගොස් ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,804ක් ලෙස වාර්තා වෙයි. අනෙකුත් රටවල් වලට සාපේක්ෂව එම සංඛ්‍යාව ද ඉහළ අගයක්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 11:10

    Latest News