ජපානය යළි තල්මසුන් දඩයමට අරඹයි

දෙසැ 21, 2018

    තල්මසුන් දඩයම යළි ආරම්භ කිරීමට ජපානය සූදානම් වෙයි.

    අන්තර්ජාතික තල්මසුන් පිළිබඳ කොමිසමෙන් ඉවත්ව යාමට ද ජපානය සැලසුම් කර තිබේ. අන්තර්ජාතික තල්මසුන් පිළිබඳ කොමිසම 1986 වසරේ දී වාණිජ තල්මසුන් දඩයම තහනම් කළා. තල්මස් දඩයම හේතුවෙන් එම සතුන් මිහිතලයෙන් වදවී යාමේ දැඩි තර්ජනයට මුහුණ දී තිබේ.

    ජපානය වසර ගණනාවක් තිස්සේ වානිජ තල්මස් දඩයමේ නිරත වනවා. ඉකුත් සැපැත්ම්බර් මස දී කෝටා ක්‍රමයට තල්මසුන් දඩයම් කිරීම සඳහා අන්තර් ජාතික තල්මසුන් පිළිබඳ කොමිසමෙන් අවසර ලබා ගැනීමට උත්සහ දැරීය. එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කෙරිණ. කෙසේ වෙතත්, එම කොමිසමෙන් ඉවත්ව ගොස් යළි වාණිජ තල්මසුන් දඩයම් කිරීමට ජපන් රජය තීරණය කර ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කරයි. එහෙත්, මේ පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත්ව නැහැ.

    Latest News