ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20-20 තරගය අද

ජූලි 25, 2021

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20-20 ක්‍රිකට් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    තරගය ආරම්භ කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට. දෙරට අතර පසුගියදා පැවති එක්දින තරගාවලිය, තරග 2-1ක් ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි. අවසන් තරගය කඩුලු තුනකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන්නේ 20 වැනි 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයයි. පැවති තරගවලින් ඉන්දියාව තරග 13ක් සහ ශ්‍රී ලංකාව තරග 05ක් ජයගෙන තිබෙනවා. එක් තරගයක් තීරණයකින් තොරව අවසන් වුණා.

    ශ්‍රී ලංකාව අවසන් වරට මෙරටදී ඉන්දියාවට එරෙහිව 20-20 තරගයක් ජයගත්තේ 2018 වසරේ මාර්තු මස 06 වැනි දිනයි. එම තරගය ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ශිකර් ධවාන්.

    Latest News