බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටන් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බටහිර මධ්‍යඹ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට දිවයිනේ (විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඉදිරි පැය 48 තුල දිස්ත්‍රික්ක 7කට මිලිමීටර් 100ත් 150ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.

කොළඹ තදාසාන්න ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50කට වැඩි වර්ෂාපතනයක් අද අපේක්ෂා කෙරේ.

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින තද අකුණු සමග වැසි තත්වය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

පළාත් කීපයකට අද(16) දිනයේ දීත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News