බ්‍රසීලයේ බිහිසුණු අනතුරක්

දෙසැ 22, 2024
    බ්‍රසීලයේ සිදු වූ රිය අනතුරකින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    මගී බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
    ගිනිකොණ දිග බ්‍රසිලයේ "මිනාස් ජෙරායිස්" ප්‍රාන්තයේ අධිවේගි මාර්ගයක, මගී බස්රථයක් සහ ට්‍රක් රථයක් එකි‍නෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.
    අනතුරෙන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරින් පවසනවා.
    අනතුර සිදුවන අවස්ථාවේ දි බස් රථය තුළ මගීන් 45 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.
    මගී බස් රථයේ ටයරයක් පිපිරියාමෙන් රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකිව ට්‍රක් රථ‍යක ගැටී ඇති බව මූලික පරීක්ෂණවලදි හෙළි වී තිබෙනවා.
    පසුව තවත් තිදෙනෙකු රැගත් මෝටර් රථයක් ද එම බස් රථයේ ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහෙත් එම තිදෙනා දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.
    විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට සියලු පියවර ගන්නා බව "මිනාස් ජෙරායිස්" ප්‍රාන්ත රජය පවසනවා. 

    Latest News