මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට

ජන 11, 2025

    ‍අද සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද සියයට 6 කින් ඉහළ දමා තිබෙනවා.

    මුදල් අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා. ‍ගැසට් පත්‍රයට අනුව මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක මිල අවම වශයෙන් රුපියල් 106 කින් ඉහළ යනු ඇති. ඊට සමගාමීව අනෙකුත් මත්පැන් වර්ගවල මිල ද සියයට 5 කින් ඉහළ යන බව, ගැසට් නිවේදනයේ සඳහන්. මේ අතර, ලංකා දුම්කොළ සමාගම පවසන්නේ, සුරාබදු ඉහළ නැංවීමත් සමග අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිලද ඉහළ දමා ඇති බවයි. කාණ්ඩ හතරක් යටතේ එම මිල වැඩි වීම ක්‍රියාත්මකයි. ඒ අනුව, දුම්වැටියක මිල රුපියල් 5 සිට 10 දක්වා ඉහළ යනු ඇති.

    Latest News