රාජකාරිය දේවකාරියක් කරගත් පොලිස් නිලධාරියාට අත් වූ ඉරණම

දෙසැ 27, 2024
    අලුත්ඔය හතරස් කොටුව පොලිස් මුරපොල ඉදිරිපිට අද (27) දින සිදූවූ රිය අනතුරකින් පොලිස් රථවාහන අංශයේ රාකකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා.

    ඔහු කාර් රථයක් සහ ලොරි රථයක් පරික්ශා කරමින් සිට ඇති අතර පසුපසින් පැමිණි ටිපර් රථයක් ලොරි රථයේ ගැටීම හේතුවෙන් කාර් රථයට සහ ලොරි රථයට හසුවී මෙම නිලධාරීයා ජිවිතක්ශයට පත්ව ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ භාතියගම ප්රදේශයේ පදිංචි අවුරුදු 56 ක් වයසැති බණ්ඩාර සමරකෝන් නැමති පොලිස් සැරයන් වරයෙකුයි.
     
    මෙම අනතුරින් තවත් එක් පොලිස් නිලධාරියෙක් සහ කාර් රථයේ පැමිණි පිරිසක් තුවාල ලබා දඹුල්ල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
     
    අනතුර සිදුකල ටිපර් රථ රියදුරා මේ වනවිට අත්තඩංගුවට ගෙන ඇති ඇතිබව අලුත්ඔය පොලීසිය පවසනවා.
     

    Latest News