පකිස්ථානය, ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 46 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් බවයි, තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කරන්නේ.
තලෙයිබාන් සටන්කාමින් සැගව සිටින ස්ථාන ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාර සිදු කළ බවයි, පකිස්ථාන රජය ප්‍රකාශ කරන්නේ.
නත්තල උදාවත් සමග මෙම ප්‍රහාර, ඇෆ්ගනිස්ථානයේ "පක්පිකා" පළාතේ, බාර්මාල් ප්‍රදේශයේ ස්ථාන 4 කට එල්ල වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිය ගිය අය සරණාගතයින්. තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව, තලෙයිබාන් රජයේ නියෝජ්‍ය ප්‍රකාශකවරයෙකු සඳහන් කරනවා.
පකිස්ථානයේ මෙම ප්‍රහාරවලට කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි, තලෙයිබාන් සංවිධානය අනතුරු අගවන්නේ.