අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කරයි

ජන 14, 2025
    අමාත්යාංශය 5 ක් සඳහා වැඩබලන අමාත්යවරුන් පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්.

    ජනාධිපතිතුමා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, ආරක්ෂක අමාත්යාංශය සහ මුදල් හා ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය යන අමාත්යාංශ 3 සඳහා මෙන්ම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය හා ප්රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශ සඳහායි මෙලෙස වැඩබලන අමාත්යවරුන් පත් කර ඇත්තේ.

    ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරන්ද වීරරත්න මහතා එම අමාත්යාංශයේ වැඩබලන අමාත්යවරයා ලෙස පත් කර තිබෙනවා.
     
    ආරක්ෂක වැඩබලන අමාත්යවරයා වන්නේ, ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර මහතායි.
     
    කම්කරු අමාත්ය හා ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පත් කර ඇත්තේ, මුදල් හා ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්යවරයා ලෙසයි.
     
    විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්යවරයායි.
     
    ප්රවාහන හා මහා මාර්ග සහ වරාය හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්යවරයා ලෙස පත් කර ඇත්තේ, ප්රවාහන හා මහා මාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න කුමාර ගුණසේකර මහතායි.

    Latest News