ජනපති චීනයට ළඟාවෙයි

ජන 14, 2025
    සිව් දින චීන රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද පෙරවරු 10.25 ට බෙයිජිං ජාත්යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා.

    චීන හමුදාවේ ගෞරවාචාරය මැද ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ, චීන විදේශ නියෝජ්ය අමාත්ය චෙන් ෂියාඩොන් මහතා විසින්.

    ජනාධිපතිවරයාගේ චීන රාජ්ය සංචාරය සිදුවන්නේ, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුවයි.
     
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 17 වැනිදා දක්වා චීනයේ රැඳී සිටිනු ඇති.
     
    මෙම රාජ්ය සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ චීන අග්රාමාත්ය ලී ව්යං යන මහත්වරුන් ඇතුළු රාජ්ය තාන්ත්රිකයින් රැසක් හමුවීමට නියමිතයි.
     
    අමාත්යවරුන් වන විජිත හේරත්, බිමල් රත්නායක සහ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටිනවා.
     
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම වෙනුවෙන් බීජිං නගරයේ මාර්ග රැසක් චීන සහ ශ්රී ලාංකික ධජවලින් සරසා ඇති අයුරු දැකගත හැකියි.

    Latest News