සුප්‍රකට බොලිවුඩ් නළු සයීෆ් අලී ඛාන් අද අලුයම පිහි ප්‍රහාරයකට ලක්වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
බොලිවුඩ් නළු සයීෆ් අලී ඛාන්ගේ, බන්ද්‍රා නිවසට අද අලුයම ඇතුළු වු නාඳුනන පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
සොරකම් කිරීමේ අරමුණින් නිවසට ඇතුළු වී ඇති පුද්ගලයා කීපවතාවක් සයීෆ් අලී ඛාන්ට පිහියකින් ඇණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
තුවාල ලැබු ඔහු මුම්බායි හි ලීලාවති රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
නිවසට ඇතුළු වු පුද්ගලයා සහ සයිෆ් අලී ඛාන් අතර පොරබැදීමක්ද සිදුව ඇති බව එරට පොලිසිය පවසනවා.
සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ පවුල් සාමාජිකයන් කිහිපදෙනෙකුද නිවසේ සිට තිබෙනවා. සැකකරු සෙවීමේ විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.