පුද්ගල ඝාතනයකට වරදකරුවූ සැකකරුට මරණ දඩුවම

නොවැ 28, 2019

    පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් මෙම දඬුවම නියම කරනු ලැබීය. රත්මලාන ප්‍රදේශයේ පදිංචි සුසන්ත ප්‍රියදර්ශන නැමැත්තෙකුට මෙසේ දඬුවම් නියම විය.

    2003 වසරේ ජුලි මස 10 වනදා රත්මලාන, දුම්රිය පොල මාර්ගයේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් හේවාවිතාරණලාගේ සරත් නැමැති තරුණයකුට පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දු ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය. ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා නියෝග කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 13:58

    Latest News