ජනාධිපතිතුමාට වඩාත් සුරක්‍ෂිත, නීතිගරුක රටක් නිර්මාණය කළ හැකියි; විද්වතුන් (වීඩියෝ)

නොවැ 20, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට වඩාත් සුරක්‍ෂිත, නීතිගරුක හා සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව, විවිධ ක්‍ෂේත්‍රගත විද්වතුන් පෙන්වා දෙයි.

    ඔවුන් කියා සිටින්නේ, ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු ජන කොටස් ඒකරාශීව කටයුතු කිරීම වැදගත් බවයි.

    එහිදී අදහස් දැක්වූ පුජ්‍ය තලංගම දේවානන්ද හිමි...

    “මුළු මහත් ජනතාවත්, සොබා දහමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ මාතෘ භූමියට වාසනාවන්ත සුභ අනාගතයක් නව ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ යටතේ. එතුමා හොඳ නිහතමානි කෙනෙක් වගේම හිතලා, මතලා හැම දෙනාගෙම කටයුතු සිදුකරන්න ඇප-කැප වෙච්ච කෙනෙක්. මම අමෙරිකාවේ වැඩවාසය කරන්නේ. එතුමාව බොහොම ළඟින් ආශ්‍රය කරලා එතුමා සමඟ විවිධ ආගමික කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා එතුමාගේ කාලපරිච්ජේදය තුළදී ඔබෙත්, මගෙත් මාතෘ භූමියට ආර්ථික සංවර්ධනය. හැම දෙනාටම හොඳ නීතිගරුක පිරිසක් බවට පත් කරන්න පුලුවන් රටක් එතුමා අපිට නිර්මාණය කරලා දෙයි කියලා“ යැයි පුජ්‍ය දේවානන්ද හිමියන් පැවසීය.

    ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා...
    “එතුමා පැහැදිලිවම කියලා තියෙනවා සියලුම ජාතීන්ට ජාති, ආගම්, කුලමල භේදවලින් තොරව ශ්‍රී ලාංකිකයෝ හැටියට ජීවත්වීම සඳහා අවශ්‍ය පසුබිම සලස්වලා දෙනවා කියලා. අපි සියලු දෙනාගේම යුතුකම වන්නේ එතුමාගේ දර්ශනයට අනුගතවෙලා ශ්‍රී ලාංකිකයෝ හැටියට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඒකරාශී වෙලා, මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ වගකීම අපි කොහොමද බහුතරයක් එක්ක එකතු වෙන්නේ. අපි හැමෝම එකතු වෙලා ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනඟමු“ යැයි අලි සබ්රි මහතා පැවසීය.

    Ali px 900 20 11 19

    කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා.....
    “විශේෂයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාම තීරණාත්මක ලියවිල්ලක් විධියට මම දකින්නේ, ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වන කාරණාව ඉෂ්ඨ කරදීම තමයි ජනාධිපතිතුමාගේ එකම අපේක්‍ෂාව. ලොකු විශ්වාසයක් තියෙනවා එතුමා කෙරෙහි. එතුමා ඉහළ රාජ්‍ය නිලධාරියෙක් විධියට කටයුතු කරන කොට වැඩකරපු ආකාරය. මේ රට අලුත් දිසාවකට ගමන් කිරීම සඳහා වන වැඩපිළිවෙළ මේ හරහා නිර්මාණය වෙයි කියලා“ යැයි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේය.

    Ranjith px 900 20 11 19

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 20:22

    Latest News