සුවසැරියෙන් රෝගීන් තුන් ලක්‍ෂයකට සහන

නොවැ 15, 2019

    1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් රෝගීන් තුන් ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවකගේ ජිවිත බේරා ගෙන තිබේ.

    කෙටි කලක් තුළ සුවසැරිය ගිලන්රථ සේවාව මෙරට ජනතාවට ලබාදී ඇති ප්‍රතිලාභ අතිමහත්. මේ වසරේ නොවැම්බර් 13 වැනිදා දක්වා 1990 සුවසැරිය ගිලන්රථ සේවාව වෙත දුරකථන ඇමතුම් දහසය ලක්‍ෂ විසිපන් දහස් 994ක් ලැබී තිබේ. ගැබිනි මව්වරුන්, රෝගීන් හා විවිධ අනතුරු සිදුවීම් තුන් ලක්‍ෂ තිස්තුන් දහස් 691ක් ඊට ඇතුලත්. සේවාව ලබාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව දෙලක්‍ෂ අසූ අටදහස් 291ක්. සුවසැරිය ගිලන් රථ තුළ සිදුව ඇති දරු උපත් සංඛ්‍යාව 138ක්. කෙටි කාලයකදී සුරක්‍ෂිතව පුහුණු වූ කාර්ය මණ්ඩලයකින් යුතුව මෙම සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි.

    Latest News