හෙරොයින් සමඟ තිදෙනෙක් නාවික හමුදා බාරයට

නොවැ 08, 2019

    නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකින් රඹෑව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 980 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

    උතුරු මැද නාවික විධානය සහ සෙට්ටිකුලම්, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී සැක කටයුතු යතුරු පැදියක් නිරික්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් ලඟ තිබි අලෙවි කිරීම සඳහා රැගෙන යනු ලබන හෙරොයින් මිලිග්‍රෑම් 980ක් සොයා ගැනීමට සමත්ව ඇත.

    මෙම හොරොයින් ප්‍රමාණය, පුද්ගලයින් සහ යතුරු පැදිය නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 26 ත් 41ත් අතර වියෙහි පසුවන අනුරාධපුර පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින්, යතුරු පැදිය සහ හොරොයින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කර නියමිතයි.

    Latest News