ශ්‍රී ලංකාවේ යහපත සඳහා පමණක් ගිවිසුම්වලට අපි එළඹෙන්න ඕනේ; අජිත් නිවාඩ්

නොවැ 07, 2019

    “වියත් මඟ“ සංවිධානය කොළඹ දී අද මාධ්‍ය හමුවක් සංවිධාන කර තිබිණ.

    එහිදී අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා....

    “මට මතකයි ඔය MCC ගිවිසුම මුලින්ම යෝජනා කළේ 2004. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ යේ ලේකම් හැටියට මම 2005දී වැඩ බාරගන්න කොට MCC ගිවිසුම පිළිබඳව කටයුතු කිරිමට ලැබුනේ මට. අපේ ප්‍රතිපත්තිය වුයේ කිසිම විටක අපිට සුබදායි නොවන කොන්දේසිවලට අපි යටත් වෙන්නේ නැහැ කියලා. අපි ඒ ස්ථාවරයේ හිටියේ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ රජය ඒ ස්ථාවරයේ හිටියේ. 2007 වෙනකොට මේ අය කිව්වා ඒ අය ශ්‍රී ලංකාව ඒකට සුදුසුකම් නැහැ කියලා ඊට පස්සේ ඒක අයින් කරගත්තා. අපි එකෙන් කිසිම ගැටලුවක් නැහැ 6.4%ක වර්ධන වේගයකට අපි ගියා.

    අපි තේරුම් ගන්න ඕනේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගැළපෙන විධියට, ඹබින විධියට ශ්‍රී ලංකාවේ යහපත සඳහා පමණක් ගිවිසුම්වලට අපි එළඹෙන්න ඕනේ. එවැනි ගිවිසුම් පමණක් තමයි මම හිතන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ රජයක් සහ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ රජයක් යටතේ සිදුවෙන්නේ ඒ සහතිකය අපිට කිසිම සැකයක් නැතුව ජනතාවට ලබාදෙන්න පුලුවන් කියන එක මම මේ අවස්ථාවේදී කියනවා“ යැයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    Latest News