රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිට

නොවැ 28, 2018

    රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිතිතුමා විසින් පත් කරන ලද විශේෂ කොමිෂමේ වාර්තාව අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබිණ.

    කොමිෂමේ සභාපති එස්. රනුක්ගේ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එහි සෙසු සාමාජිකයෝ ද ඊට එක්ව සිටියහ.

    රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධව ක්‍රියාත්මක චක‍්‍රලේඛන හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කර රාජ්‍ය අංශයේ වැටුප් ගැටලූ හෝ විෂමතා විසදීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කොමිෂම පත් කරන ලදී. පසුගිය අගොස්තු 14 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණයකට අනුව ය.

    එස්. රනුගේ මහතා සභාපතිවරයා වශයෙන් ද, එච්.ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන් ද පත් කොට ඇති මෙකී කොමිෂමට සාමාජිකයන් 15 දෙනෙක් ඇතුළත් වෙති.

    Latest News