බොහෝ අය හිතුවා මේ සුළුතර ආණ්ඩුව නැතිවෙයි කියලා; අගමැති

ඔක් 24, 2019

    එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අංක 770, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, කොළඹ 14 යන ස්ථානයේ දී අද විවෘත කෙරිණ.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

    “ජනතාව බහුතරයක් රාජපක්‍ෂ පවුල ප්‍රතික්ෂේප කරනවා. ඒ හැම එක්කෙනාම එක්සත් ජාතික පක්‍ෂයේ නෙමෙයි. වෙනත් පක්‍ෂවලට අයතියි. දැන් අවුරුදු පහක් ගිහිල්ලා තියෙනවා බලය අරගෙන. අලුත් ජනාධිපතිවරයෙක් පත් කරලා අපේ ආණ්ඩුව පාර්ලිමේන්තු ඡන්දයෙන් තුනෙන් දෙක හම්බවුණේ නැහැ. බහුතරයක් හම්බවුණේ නැහැ. සුලුතරයක ආණ්ඩුවක් ඇති කළා. බොහෝ අය හිතුවා මේ සුළුතර ආණ්ඩුව නැතිවෙයි කියලා. මේ සුළුතර ආණ්ඩුව කඩා වැටෙයි කියලා. ඔක්කොම නිකං රාජපක්‍ෂ ඔඩොක්කුවට පත්වෙයි කියලා. ඒක සිදුවුණේ නැහැ. මොකක්ද ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ. එහෙම වුණොත් සුවසැරිය අයින් කරලා සුදු වෑන් එක ආපහු එනවා. එතුමාගේ ජයග්‍රහණය පක්‍ෂ ජයග්‍රහණයක් නෙමෙයි. රටේ ජයග්‍රහණයක්.

    Latest News