ධීවර ගැටළු විසඳන්න අගමැති උපදෙස්

නොවැ 28, 2018

    ධීවර ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුනි.

    ඒ, ධීවර සංවිධානවල නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීයි. ධීවර ගැටලු රැසක් පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ අවධානය මෙහි දී යොමු විය. නිෂ්පාදන වියදම අධික වීම, මූලික යෙදවුම් මිලක් ඇති කිරීම, වරාය හා යාත්‍රා සම්බන්ධ ගැටලු ඒ අතර වෙයි. බෝට්ටු නිෂ්පාදනයට අවශ්‍ය ෆයිබර් ඇතුළු අමුද්‍රව්‍ය ආනයනයේ දී බදු අඩුකර දෙන ලෙස ධීවරයින් මෙහි දී ඉල්ලා සිටියේය.

    ඊට එකඟ වූ අග්‍රාමාත්‍යතුමා, ධීවර සංස්ථාව සතු ශීතාගාර කඩිනමින් නවීකරණය කිරීමට පියවර ගන්නා ලෙස ද ධීවර අමාත්‍යවරයාට උපදෙස් දුනි. ධීවරයින් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ද නියමිතයි.

    මැති ඇමතිවරුන්, නිලධාරීන් සහ උතුරු නැගෙනහිර ධීවර සංවිධාන, බහුදින ධීවර යාත්‍රා සංවිධාන, කුඩා ධීවර කර්මාන්ත සංවිධාන ඇතුළු සියලු ධීවර සංවිධානවල නියෝජිතයන් සාකච්ජාවට එක්ව සිටියේය.

    Latest News