“Fantasy Island“ ව්‍යාපෘතියට ඇ.ඩො. බිලියන 4.2ක් (වීඩියෝ)

අගෝ 24, 2019

    මෙරට විශාලතම, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාත්මක හා විනෝදාස්වාද උද්‍යානයේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කෙරිණ.

    ඒ, කොළඹ නගරයට ආසන්න වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල, අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක්. මෙය කොළඹ නගරය විශ්ව නගරයක් බවට පත් කිරීමේ පුරෝගාමී පියවරක්. ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ, මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයයි. ජර්මන් මෙල්චර්ස් සමාගම, ඉදිකිරීම් බාරව කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ෆෙරිස් රෝදය මෙහි ඉදිකෙරෙන්නේ අක්කර 1.5ක භූමි භාගයකයි. හිම ගුහා, ජල උද්‍යාන, ස්කේට් බෝඩ් මත ලිස්සා යාම, ත්‍රාස ජනක ක්‍රියා ඇතුළු විනෝද අංග රැසකින් එය සමන්විතවේ. ඊට ජර්මන් ස්විට්සර්ලන්ත හා සිංගප්පූරු යන රටවල තාක්‍ෂණය යොයා ගැනේ.

    Patalee px 900 24 08 19

    නව ආකර්ශනීය ස්ථාන, යටිතල පහසුකම් හා සේවා මගින් උද්‍යානය තුළ ආයෝජන අවස්ථා ඇති කිරීමට ද නියමිතයි. ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. උද්‍යානය සඳහා දිනකට නරඹන්නන් දහසක් ආකර්ශනය කර ගැනීම අපේක්‍ෂාවයි. ව්‍යාපෘතිය 2020 දෙසැම්බර් අවසන් වීමට නියමිතවේ.

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2019 23:32

    Latest News