හදිසි නීතිය දිගු නොවීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපායි (වීඩියෝ)

අගෝ 24, 2019

    හදිසි නීතිය දීර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපාන බව, ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

    එම අමාත්‍යංශය මේ බව අවධාරණය කළේ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. ජාතික තව්හිද් ජමාද්, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස්සෙයිලානි යන සංවිධාන තහනම් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි. ඒ, 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ 27 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2019 මැයි මස 13 වැනි දින අංක 2123/3 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2019 මැයි මස 21 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝග යටතේ.

    Last modified on සෙනසුරාදා, 24 අගෝස්තු 2019 21:26

    Latest News