ජාතික ආරක්‍ෂාව හා ආර්ථිකය ගොඩනැඟීමට ඇමති සජිත්ගෙන් පොරොන්දුවක් (විඩියෝ)

අගෝ 12, 2019
  • සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට බුද්ධිය හා දැනුම මත පදනම් වූ සංවර්ධනයක් ඇති කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ අද පැවති ජනහමුව අමතමින්. එය සංවිධාන කර තිබුණේ, එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම වෙනුවෙන්.
    බදුල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ දිස්ත්‍රික් මැති ඇමතිවරුන් ජනහමුව සංවිධාන කර තිබිණ. එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට හිමිවුයේ උණුසුම් පිළිගැනීමක්. ජනහමුව ඇමතූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    “අනාගතයේ දී මම ඔබලට පොරොන්දු වෙනවා හිතක් පපුවක් ඇති ජන දුකට විසඳුම් සලසන පුංචි මනුස්සයා බලාපොරොත්තු වෙන රටේ ජනතාව බලාපොරොත්තු වන සැමට ශක්තිය ලබාදෙන සැමට ප්‍රතිලාභ ලැබෙන මුලු රටම එක්සේසත් කරන අපේ මාතෘභූමිය අපි නිර්මාණ අපි කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම බය නැහැ. මම බය නැති හින්දා තමයි ජනතාවගේ කර පිටින් මේ වේදිකාවට ආවේ. ඒ නිසා මම තමුන්නාන්සේලාට කියනවා මම බය නැහැ. මම බියගුල්ලෙක් නෙමෙයි. මට හයිය තියෙනවා. මට ශක්තිය තියෙනව මේ රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ වුණත් මම මැරෙන්න වුණත් ලැහැස්තියි කියලා මම තමුන්නාන්සේලාට කියනවා. මට අවුරුදු 52යි. මම මැරෙන්න බය නැහැ. මම ජනතාව අතරමයි ඉන්නේ. මගේ පියාණන් වගේ. මම ජනතාව අතරින්මයි නොවැම්බර් මාසයේ යන්න ඕනෙ තැනට යන්න ඕනේ කියන එකත් මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි. හැමෝම එකතු වෙමු. හැමෝම ශක්තිමත් වෙමු. සියලු දෙනාම ඒකරාශී වෙන්න. සජිත් ප්‍රේමදාස සමඟ අපේ සන්ධානය සමඟ මේ රටේ හැරවුම් ලක්‍ෂය ඇති කරලා රට දිනවමු, ජනතාව දිනවමු“ යැයි සජිත් ප්‍රේමදාස මහතා ජනහමුව අමතමින් පැවසීය.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 20:37

    Latest News