බීඩිකොළ 2379kg සමග ඉන්දීය ධීවරයින් 6කට මාංචු

ජූලි 30, 2019

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. 

    පාර්සල් 74 ක මෙම බීඩි කොළ අසුරා සඟවා තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය පවසන්නේ.අනතුරුව එම යාත්‍රාව සමඟ පුද්ගලයින් නාවික හමුදා බාරයට ගැනිණ. නාවික හමුදා බාරයට ගත් බීඩී කොළ තොගය, යාත්‍රාව සහ පුද්ගලයින් කල්පිටිය පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අදාල බීඩී කොළ තොගය කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දිමට කටයුතු කරන ලදී.

    නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් සහ යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

    එමෙන්ම, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව ඔස්සේ ධීවරයින් ලෙස පැමිණෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිරන්තරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටී. ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 27000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 08:51

    Latest News