ලක්ෂ 29ක් කොල්ලකා පලායද්දී අල්ලයි

ජූලි 01, 2019

    අකුරැස්ස නගරයේ මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 29ක මුදලක් කොල්ලකා පලා යමින් සිටියදී දෙදෙනෙකු අත්අඩංගුවට පත්වේ.

    අද(01) ප.ව.1:45ට පමණ අකුරැස්ස නගරයේ මූල්‍ය ආයතනයක මුදල්, පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට සූදනම්කර තිබියදී මෙම කොල්ලය සිදු වී ඇත. අවුරුදු 32 හා 35 වන වියේ පසුවන කොල්ලකරුවන් දෙදෙනා කොල්ලය සිදුකර පලා යන අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ අකුරැස්ස පොලිසිය ඔවුන් දෙදෙනා මුදල් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී දේශීයව නිශ්පාදිත ගිණි අවි දෙකක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි. අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News