CEB කෙයාර් ජංගම දුරකතන මෘදුකාංගය (වීඩියෝ)

ජූනි 17, 2019

    සීඊබී කෙයාර් ජංගම දුරකතන මෘදුකාංගය අද හඳුන්වා දෙනු ලැබීය.

    ඒ, විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව සඳහායි. එමගින් විදුලි පාරිභෝගිකයින්ට පහසුකම් රැසක් සැපයේ. එය ජංගම දුරකතනයේ බාගත කර ලියාපදිංචි වීමෙන් එම ප්‍රතිලාභ අත්විඳීමට ඔබට හැකියි. විදුලිය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම හා ඊට ක්‍රියාත්මක වන ආකාරය නිරීක්‍ෂණය කිරීම, විදුලි බිඳවැටීම් දින දර්ශනය සහ විදුලිය සම්බන්ධ කෙටි දැනුම්දීම් එමගින් ලබාගත හැකියි. ඊට අමතරව, අන්තර්ජාල ගෙවීම් මෙන්ම බිල්පත් ගණනය පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ පහසුකම් පවතී.

    නව දුරකතන මෘදුකාංගය හඳුන්වාදීමේ උත්සවය අද පැවැත්වුණේ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ, අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය හඳුන්වාදීම සහ එහි නිර්මාණකරුවන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණ.

    Last modified on සදුදා, 17 ජූනි 2019 20:38

    Latest News