ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (වීඩියෝ)

ජූනි 12, 2019

    ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව ළමා ශ්‍රමය නිමා කරනු - නැවුම් සිහින සැබෑකරමු යන්නයි.

    සෑම ජන සමාජයකම ජීවනාලිය වන්නේ, ළමා පරපුරයි. ඔවුන්ගේ අනාගතය ගොඩනැංවීමේ මූලික අඩිතාලම වන්නේ අනිවාර්ය අධ්‍යාපනයයි. ළමා ශ්‍රමිකත්වයට එරෙහිව ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ ඒ බව අවධාරණය කරයි.

    ළමා ආයෝජන හා විවිධ සමාජ ආර්ථික ගැටලු හේතුවෙන් වින්දිත, ආන්තික හා අනාරක්ෂිතභාවයට පත්වූ ළමයින්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම, ළමයින් ද්විතියික වින්දිත භාවයට පත් කිරීම අවම කිරීම හා ළමයින් පාසල් හැර යාමේ ප්‍රවනතාවන් අවම කිරීමේ අරමුණෙන්, විශේෂ වැඩසටහනක් ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහනේ සමාරම්භය පසුගියදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.

    Last modified on බදාදා, 12 ජූනි 2019 21:39

    Latest News