බණ්ඩාරවෙල ඉපැරණි බෝධිය හදිසියේ ගිනිගනී

ජූනි 12, 2019

    බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල, බණ්ඩාරවෙල බස් නැවතුම ආසන්නයේ තිබූ ඉපැරණි නුග ගස හා පැරණි බෝධිය ඊයේ රාත්‍රී ගිනි ගෙන තිබේ.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත. මෙම බෝධිය වසර 200ක් පමණ සිට මෙම ස්ථානයෙන් පැවතුණු බව ප්‍රදේශවාසීන් පවසයි.

    ගින්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හාලිඇල පොලිසිය මගින් ක්‍රියාත්මකයි. හාලිඇල පොලීසිය සහ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීමට දැඩි වෙහෙසක්.

    Last modified on බදාදා, 12 ජූනි 2019 12:00

    Latest News