ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන ඉරිදා දිවයිනට

ජූනි 07, 2019

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 09 වනදා මෙරටට පැමිණෙයි.

    මෝදි මහතා ලබන 09 වනදා පෙරවරු 11.00ට කටුනායක ගුවන්තොටුවල වෙත පැමිණීමට නියමිතයි.

    එතුමා පිළිගැනීමේ උත්සවය එදින මධ්‍යහන 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පස්වරු 03.00 ට සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය මෙය බව වාර්තා වේ.

    Latest News