බ්‍රිතාන්‍ය, ශ්‍රී ලංකාවට පැනවූ සංචාරක තහනම ලිහිල් කරයි

ජූනි 06, 2019

    බ්‍රිතාන්‍ය රජය පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක අනතුරු ඇඟවීම ලිහිල්කර තිබේ.

    ඒ පිළිබඳ නිවේදනය අද නිකුත් කෙරිණ. බ්‍රිතාන්‍ය රජයේ තක්සේරුව අනුව එරට ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා තිබූ අවදානම බොහෝ සෙයින් අඩුවී ඇති බව නිවේදනයේ සඳහන්. ඒ අනුව, සියලුම බ්‍රිතාන්‍ය ජාතිකයින් සඳහා බල පැවැත්වෙන පරිදි අවදානම් නිවේදනය ඉවත් කෙරෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

    කෙසේ වෙතත්, ලොව කිසිදු විදේශ ගමනක් ආරක්‍ෂිත යැයි තහවුරු කළ නොහැකි බව ද නිවේදනයේ පෙන්වා දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2019 20:44

    Latest News