පාසල් ආරක්‍ෂාවට දෙමාපිය දායකත්වය අවශ්‍ය නොවේ

ජූනි 06, 2019

    පාසල්වල ආරක්‍ෂාව වෙනුවෙන් දෙමාපියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    දරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය යොදවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඇතැම් පාසල්වල ආරක්‍ෂක කටයුතු සඳහා දෙමාපියන් යොදවා ගැනීමේදී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් ක්‍රියාකර තිබේ.

    ගැබිණි මව්වරුන් පවා පාසල්වල ආරක්‍ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල පරීක්‍ෂා කිරීමේ ක්‍රියාවලියේ යෙදී ඇතැයි, අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තාවී ඇතැයි, එම නිවේදනයේ සඳහන්. එමෙන්ම, පාසල් බෑග් ගෙනඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් රැගෙන ඒමට බල කරමින් සිටි අවස්ථාවන් ද දක්නට ලැබී තිබේ.

    ආරක්‍ෂාව සහතික කිරීම වෙනුවෙන් දෙමාපියන් ලබාදුන් සහය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන්ට සිහ කෘතවේදීත්වය පළ කරයි.

    Latest News