මුස්ලිම් මැති ඇමතීන් ත්‍රෛනිකායික නාහිමිවරුන් හමුවිමේ සූදානමක්

ජූනි 06, 2019

    අමාත්‍යධූරවල වගකීම යළි බාරගන්නා ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් උන්වහන්සේ බැහැ දැක සාකච්ජා කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

    ඇමති ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත අද යොමු කළ බව, මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    එහිදී අදහස් පළ කළ රවුෆ් හකීම් මහතා....

    “ගිය සඳුදා ඉල්ලා අස්වීම පිළිබඳව කරපු ඒ ප්‍රකාශය නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත දන්වා නොතිබීම පිළිබඳව පත්තරවල පළවෙලා තිබෙනවා. එක ලියුමකින් අපේ ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යතුමාට බාරදුන්නත්, ඉන් පසුව තමයි අග්‍රාමාත්‍යතුමා අපට දැනුම් දුන්නේ ඊළඟ දවසේ ව්‍යවස්ථාවට ප්‍රකාරව අපි තනි, තනියෙන් ඒ ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියලා. රාමසාන් උත්සවය ඊළඟ දවසේ යෙදී තිබුණු බැවින්, අපි නිල වශයෙන් දැනුම් දීමේ යම් ප්‍රමාද දෝෂයක් ඇතිවෙලා තිබෙනවා. නමුත් අපි නිලතලවලින් ගිය සඳුදා පටන් ඉවත් වෙලා සිටිනවා. ඒකේ කිසි සැකයක් නැහැ. විශේෂයෙන් ත්‍රෛනිකායික සංඝ සභාව අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය ඇතිව අපට ඉල්ලීමක් කරලා තියෙනවා. උන් වහන්සේලාට අපේ ස්තුතිය පුද කළ යුතුයි. අපි තේරුම් ගන්නා හැටියට ඒ සඳහා වූ හමුවක් උන් වහන්සේලා සමඟ අපි ඇතිකරගන්න ඉදිරි දවස් කිහිපය තුළ කරනවා කියන එක මම අවධාරණය කරන්න කැමතියි“ යැයි රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2019 19:48

    Latest News