‘ෂර්මන්’ නෞකාව කොළඹ වරායට

මැයි 12, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් නාවික හමුදාවට ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු විය.

    එහිදී නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. එහි අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ ඇතුළු නිලධාරීන් 22ක්, නාවිකයින් 111 කින් සමන්විත වේ.

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාවට එක් වී සිටියහ.

    commnder px 900 12 05 19

    නාවික හමුදාපතිතුමා නිරීක්ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එහි ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව ඔහුගේ නිරීක්ෂණයට ලක් විය. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අධිකාරියට පත් කිරීමට නියමිතව ඇත.

    පසුගිය වසරේ අගෝස්තු 27 වන දින නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරිණ. එහිදී ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායේ සහකාර ආඥාපති සහ ප්‍රධාන නිලධාරි, රියර් අද්මිරාල් හේකොක් මහතා විසින් ශ්‍රී ලංකා හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට නෞකාව නිල වශයෙන් භාර දෙන ලදී.

    නෞකාව මිටර් 115 ක් වූ යුද ශිල්පීය අවි ආයුධවලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කෙරේ.

    Latest News