පාසල් ආරක්‍ෂාව තහවුරු කිරීමේ විශේෂ චක්‍රලේඛයක්

මැයි 01, 2019

    පාසල් ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපනය අමාත්‍යාංශය නිකුත් කොට තිබේ.

    මේ යටතේ, පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්‍ෂක කමිටු පිහිටුවීම සහ ආරක්‍ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, අදාළ පාර්ශව දැනුවත් කෙරිණ. සිසුන් හා කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව පිළිබඳ මෙන්ම අවදානම් තත්වයන් හඳුනා ගැනීම හා වළක්වා ගැනීමට මෙමගින් යෝජිතයි. කාර්ය මණ්ඩලය, සිසුන් හා මාපියන් මෙන්ම ආදි සිසුන් ද චක්‍රලේකයෙන් දැනුවත් කෙරෙනු ඇති.

    විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා ආචාර්ය මණ්ඩලය මෙන්ම දෙමාපියන් හා ආදි ශිෂ්‍ය සම්තිවල සහභාගිත්වයෙන් ආරක්‍ෂක කමිටු හා අනු කමිටු ආරම්භ කෙරුණු ඇත.
    පාසල් පරිශ්‍ර හා අවට ආරක්‍ෂාව තහවුරු කිරීම, ගමන් මලු සහ පාසල් බෑග් පරීක්‍ෂා කිරීම නේවාසිකාගාර ආරක්‍ෂාව යනාදී කරුණු 18ක් පිළිබඳ චක්‍රලේඛයෙන් අවධානය යොමු කෙරිණ.

    රජයේ හා පෞද්ගලික පාසල්, පිරිවෙන් යනාදී සියලු ආයතන මෙමඟින් දැනුවත් කර තිබේ. අධ්‍යාපන පරිපාලන ක්‍ෂෙත්‍රයේ නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් වගකීමකින් ක්‍රියා කළ යුතු බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Latest News