නඩුවක් නැහැ..... ලංකාවට පැමිණි ගෝඨාභය

අප්‍රේ 12, 2019

    Up date - ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදි ඔහුව පිළිගැනීමට පැමිණි සිටි පිරිස හේතුවෙන් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ විශාල තදබදයක් ඇතව තිබේ.

    තත්වය පාලනය කිරීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීහු, ඇමති ආරක්ෂක නිලධාරීහු සහ ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීහු කටයුතු කළ බව අප වාර්තාකරු පවසයි.

    අමෙරිකානු අධිකරණයක කිසිදු නඩුවක් නොමැති බව මෙහිදි මාධ්‍ය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයේ පවරා ඇති නඩුව, ලංකා ආණ්ඩුව සහ ඔවුන්ට හිතවත් මාධ්‍ය විසින් ගොතන ලද බොරුවක් බව ඔහු එහිදී පැවසීය.

    මාධ්‍ය ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා “ මම ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාළය තුළ, එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් භාර දුන්නේ නැහැ. මේ සියලු සතුරු බලවේග වලට ඉහළින් මගේ දෛවය පවතිනවා“ යැයි ඔහු කියා සිටියේය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු අගවිනිසුරු සරත් සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

     

    ලසන්ත ඝාතනයට අමෙරිකාවේදී නඩුවකට මැදි වූ ගෝඨාභය දිවයිනට (9.30)

    අමෙරිකාවේ සංචාරයක නිරත වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම සංචාරය නිමවා දිවයිනට පැමිණ ඇත. පෙරවරු 8.35 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

    ඔහු පිළිගැනීම සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවද පැවසේ.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග අමෙරිකාවේ කැලිෆෝනියා වේ අධිකරණයක මෙම සිවිල් නඩුව ගොනු කර තිබිණ.

    Last modified on සිකුරාදා, 12 අප්‍රේල් 2019 13:03

    Latest News