බලෙන් ඇතුල්වීමට ආරක්ෂකයා සපාකයි

අප්‍රේ 10, 2019

    ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු එහි රාජකාරියේ සිටි ආරක්ෂක නිලධාරියෙකු සපාකා පලා ගොස් තිබේ. එයින් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය පවසයි.

    බීමත්ව පැමිණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුල්වීමට උත්සාහ දැරූ පුද්ගලයාට එයට ඇතුල්වීමට ආරක්ෂක නිලධාරියා ඉඩ නොදීමෙන් කුපිතවූ ඔහු ආරක්ෂක නිලධාරියාගේ ඇඟට කඩා පැන බිම පෙරළාගෙන සපාකා පලාගොස් තිබේ.

    තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සැකකරු ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ යතුරු පැදියකින් පැමිණිම නිසා හඳුනා ගැනීමට නොහැකිවූ බව ආරක්ෂක නිලධාරියා පොලීසියට පවසා ඇත.

    සැකකරු පැමිණි යතුරු පැදියේ අංකය හඳුනාගෙන ඇති අතර ඇල්පිටිය මූලස්ථාන පොලියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ප‍්‍රසන්න මහතාගේ උපදෙස් පරිදි නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන සිදු කරති.

    Latest News